Sunday, September 5, 2010

ලියන්න දෙයක් නැතෝ !!

මොනව කරන්නද .... ඉදල ඉදල ‍වෙන නමකින් බ්ලොග් එකක් පටන් ගත්ත නිදහසේ ලියන්න ..... ඒත් ලියන්න දෙයක් නැති එක ගැන බොහොම දුක යි ...... කතන්දරේට වගේ ජීවන අත්දැකීම් අලලා ලියන්න මට කොහේද එච්චර ජීවන අත්දැකීම් ... මම තාම පොඩියි නෙ .... මොනව කරන්නද ඉතින් ....ඔන්න ඔහේ හිතුනොත් මොනව හරි ලියල දානව නැත්තම් ඒත් මොනව හරි ලියල දානව ..... අදහසක් තියනව නම් දෙන්ට

Wednesday, July 28, 2010

මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ


මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ
මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ

ඔබ වෙනුවෙන් කුමක් ලියනුදැයි මා හට නොතේරේ .... සැබවින්ම ඔබ නියම මිනිසෙකුම විය ...... මිනිසින් තිරිසනුන් ලෙස ජීවත් වන ලෝකය තුල සැබෑ මිනිස් ගති ඇති මිනිසෙකු හදුනාගන්නට ලැබීම සැබවින්ම වටිනා දෙයක් ..... නමුත් මේලොව ඉවත්විය යුත්තන් ජීවත්ව තවත් ජීවත් වියයුත්තන් ඉවත්ව යන්නේ කිමදැයි මාහට නොතෙරේ .......

මිනීමල් හා මරණයට ඇති බිය යනුවෙන් තමාගෙ අවසාන සටහන එක්කොට ඔබ ජීවිතයෙන් සමුගැන්ම මාහට කිසිදා අමතක නොවනු ඇත........ එය එතරම්ම මා විෂ්මයට පත්කරන්නක් විය .... කෙසේ වෙතත් මරනයට බිය නොවූ ඔබ වැන්නෙකු මේලොව හැරයාම ඔබට කෙසේ වෙතත් අප හට නම් සැබවින්ම දුකකි .....
ගුරුතුමනි ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!!

ඡායාරූපය ලබා ගත්තේ දුමී අයියාගේ බ්ලොග් එකෙනි
http://dhumee.blogspot.com/2010/07/blog-post_26.html

Friday, April 30, 2010

දැන දැනත් ඔබ නෙලැබෙන බව ..කලෙමි මා ආදරේ



කලෙමි මා ආදරය
කුඩා කල කුඩා ලදකට
අහින්සක ආදරයකි ඒකපාර්ශික වූ
කිසිදා ප්රකාශ නොකලෙමි
මා ඈ හට
මා ඔබට ආදරෙයි යයි

කෙමින් ලොකු වන විට
හැගුනෙමි
ඇය මාගේ නොවනා වග
නමුත් ඒ දැන දැනත් මා
ආදරය කලෙමි සිතින් පමනක්

නොවෙනස්ය තවමත්
එදා මෙන්
හදවත ඔබට ආදරෙයි
නමුත් බුද්ධිය
මා වලකාලයි
කුමක් කරනුද ...
බුද්ධියට ඉඩදී මා
නිහඩ වෙමි
හැගීම් දැනීම් නොමැති අයෙකු සේ